27.2 C
Colombo
Monday, July 7, 2025

කෝටි 24 ක කොකෙන් සමග බ්‍රසීල ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Published:

නීති විරෝධිව මෙරටට රැගෙන ආ කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු අද අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

ඔහු විසින් රැගෙන එන ලද කොකෙන් තොගය කිලෝ 04 ග්‍රෑම් 855ක් වන අතර එහි එහි වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වන බවද රේගු නිලධාරීන් පවසයි.

අදාළ කොකෙන් තොගය රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු විසින් ඒවා කාඩ්බෝඩ් මත අලවා ඒ මත කලු පැහැති කඩදාසිද අලවා කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07ක් තුළ අසුරා පසුව ඒවා ගමන් මල්ලෙහි අසුරා තිබූ බව රේගු නිලධාරීන් පවසයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ගුවන් මගියා සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img