නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රන් තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ.
වාහන අමතර කොටස් තුළ රඳවා මෙරටට රැගෙන ආ මෙම රත්‍රන් තොගය රක්තමාවත හෙවත් රෙඩ් චැනල් ඔස්සේ පිට කිරීමට උත්සහ කිරීමේදීයි රේගු භාරයට ගැනුණේ.
ඒ මෙම රත්‍රන් තොගය රැගෙන ආ බව කියන ගුවන් මගීන් දෙදෙනෙකු ද සමගයි.
ඔවුන් ග්‍රෑන්ඩ්පාස් සහ රඹුක්වැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම රත්‍රන් තොගයේ බර කිලෝග්‍රෑම් 6 ග්‍රෑම් 700ක් බවයි රේගුව පවසන්නේ.