කොළඹ – වෝක්ෂෝල් වීදියේ අවන්හලක සහ ඒ අසල පිහිටි ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හටගත්තේය.
ගින්න නිවීම සදහා රථ 05 ක් පිටත් කර යැවූ බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී ෙනාමැත.
මේ අතර, ආමර් වීදියේ මීරානියා පෙදෙසේ යකඩ බඩු අලෙවි සැල් පෙළකද ගින්නක් හටගත් බව වාර්තා විය.
ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන රථ දෙකක් යෙදවූ බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.