27.2 C
Colombo
Wednesday, August 27, 2025

කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාට විවෘත කිරීමට යයි…

Published:

කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාට විවෘත කිරීමට යයි…

කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරමින් පවතින බවයි එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප‍්‍රියාත් බන්දු වික‍්‍රම පැවසුවේ.

කිලෝ මීටර් 2 ක දිගකින් යුත් කොළඹ වරාය නගරයේ නව වෙරළ තීරය සකස් කරමින් පවතින අතර වෙරළ ක‍්‍රීඩාංගනයක්, වෙරළ උද්‍යානය, ළමා උද්‍යාන, කුඩා ආපන ශාලා, බෝට්ටු ප‍්‍රවාහන සේවාවලට අදාල අංගන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි.

මුහුදු මට්ටමේ සිට මීටර් 4.5 ක උසකින් යුක්තව සහ කිලෝමීටර 3.2 ක දිගකින් යුත් දියකඩනය ඉදිකිරීම් කටයුතු ද මේ වන විට මුළුමනින්ම අවසන් කර තිබෙනවා.

මෙම දියකඩනය යෙදීමෙන් විශාල මුහුදු රළට වෙරළ සීමාවට පැමිණීමට නොහැකි වන නිසා එම මුහුදු සීමාවේ දිය නෑමට, වෙරළ ක‍්‍රීඩාවල නිරත වීමට, ජල ක‍්‍රීඩාවල නිරත වීමට හැකියාව ලැබෙන පරිදි එම කටයුතු ආරක්ෂාකාරීව සිදු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ද කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඇතුළත් වනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වෙරළ සීමාවේ සහ ඊට අදාළ ගොඩබිම් ප‍්‍රදේශයේ මෙහෙයුම් කටයුතු ද ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි. ගාලූ මුවදොර ප‍්‍රදේශයේ සිට කොළඹ වරාය නගරයට පා ගමනින් පැමිණිය හැකි වන පරිදි පිවිසුම් මාර්ගයක් ඉදිකරමින් පවතිනවා. සාමාන්‍ය පොදු මහ ජනතාවට කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව කොළඹ වරාය නගරයට පිවිසිය හැකි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img