27.2 C
Colombo
Monday, July 7, 2025

කොළඹ වරාය නගරයේ මාර්ග ඉදිකිරීම් අද සිට ඇරඹේ…

Published:

කොළඹ වරාය නගරයේ දෙවන අදියර අද (08) සිට ආරම්භ වනවා. ඒ යටතේ මහා මාර්ග, විදුලිය, ජලය සහ
මළපවාහන පද්ධති සකස් කිරීමට නියමිතයි. කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණය
ඊයේ (07) නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියට අලුතින් එක් කෙරුණා.
කොළඹ වරාය නගර පරිශ්‍රයේදී එම උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ
මෙරට චීන තානාපති චෙන් ෂුයෙයුවාන්ගේ ප්‍රධානත්වයෙන්.

2014 වසරේ සැප්තැම්බර් මස 16 වනදා ආරම්භ වුණු කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය සඳහා චීනයේ සී එච් ඊ සී හෙවත් චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ආයෝජනයක් සිදු කර තිබෙනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ආයෝජකයන් සඳහා ද ඊයේ විවෘත කෙරුණු අතර මෙම ව්‍යාපෘතිය, සෘජු විදේශ ආයෝජන මත සිදුකෙරෙන මෙරට විශාලතම ව්‍යාපෘතියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img