30 C
Colombo
Thursday, August 28, 2025

කොළඹ ආසාදිතයින් 500 ඉක්මවයි : කළුතර සහ ගම්පහ ආසාදිතයින් ඉහළට….

Published:

කොළඹ ආසාදිතයින් 500 ඉක්මවයි : කළුතර සහ ගම්පහ ආසාදිතයින් ඉහළට….

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1923 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 529 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ දිනයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 64ක්, බොරලැස්ගමුව 47ක්, මොරටුව 54ක්, පිළියන්දල 60ක්, පිටකෝට්ටේ සහ මුල්ලෙරියාවෙන් ආසාදිතයින් 35දෙනා බැගින් සහ තලංගම ආසාදිතයින් 18ක් වාර්තා වී තිබේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 264 දෙනෙක් වාර්තා වී තිබෙනවා. පානදුර දකුණ ආසාදිතයින් 64ක්, පානදුර උතුර 26ක්, හොරණ 23ක්, කළුතර දකුණ 32ක්, මොරගහහේන 41ක් සහ බේරුවල 47ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 232 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 26 දෙනකු කඩවත ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. දෙම්පේ 23ක්, කටුනායක 16ක්,  රාගම සහ නිට්ටඹුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 11 දෙනා බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 154ක්, කුරුණෑගල 122ක්, මාතර 81 ක්, මොණරාගල 06, කෑගල්ල 04, අම්පාර 20ක්, අනුරාධපුර 69ක්, ත්‍රිකුණාමලය 10, වව්නියාව 02, මහනුවර 58ක්, නුවරඑළිය 104ක්, රත්නපුර 82ක්, පුත්තලම 18, යාපනය 16ක්, මාතලේ 50, පොළොන්නරුව 66, කිලිනොච්චි 06, මඩකළපුව 04, හම්බන්තොට 11, මුලතිව් 02, මන්නාරම 03ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙක් ආසාදිතයින් හමුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img