30.6 C
Colombo
Sunday, July 6, 2025

කොළඹට ඇතුළුවීමේදී මුඛ ආවරණයක් පළඳින්නැයි උපදෙස්…

Published:

කොළඹට ඇතුළුවීමේදී මුඛ ආවරණයක් පළඳින්නැයි උපදෙස්…

කොළඹ නගරයට පැමිණෙන ජනතාව මුඛ ආවරණයක් පැළඳීම වඩා යෝග්‍ය බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මේ දිනවල ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය පිළිබඳ සලකා ජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කරන බවයි.

ඒ අනුව කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපන ශාලාවලට ඇතුළුවීමේදී මුඛ ආවරණයක් පළඳින ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ. එමෙන්ම හෝටල් කාර්යය මණ්ඩලය සහ සේවකයින් ද මෙලෙස මුඛ ආවරණ පැළඳ සිටීනම් එය වඩාත් යෝග්‍ය බවයි ඔහු ප්‍රකාශ කළේ.

කොළඹ නගරය තුළ පමණක් නොව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ඕනෑම ස්ථානයකට පිවිසෙන්නේ නම් මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි වැඩිදුරටත් කියා සිටියේ.

නව කොරෝනා වෛරසය ආසාධනය වුවහොත්, නිව්මෝනියාව, හුස්ම ගැනීමේ අපහසුතාවය සහ වකුගඩු අක්‍රීයවීම වැනි දරුණු තත්ත්වයකට වුවද, වර්ධනය විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

වෛරස් ආසාධිත පුද්ගලයින් ඇසුරු කිරීමෙන් වැළකීම, ආහාර සැකසීමේදී, ආහාර ගැනීමට පෙර සහ සුරතල් සතුන් සමග ගැවසීමේදී ආරක්ෂිත ක්‍රම භාවිත කිරීම වඩාත් වැදගත් බව ද පෙන්වා දී තිබෙනවා.

කිසියම් අයෙකු සත්ත්ව ගොවිපලක හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියේ රැකියාවක නිරත වන්නේ නම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිපැදීම ක්‍රියාකළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img