27.2 C
Colombo
Tuesday, August 26, 2025

කොරෝනා වෛරසය මහ මැතිවරණය කල් දමයි…

Published:

කොරෝනා වෛරසය මහ මැතිවරණය කල් දමයි…

2020 පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 වන දා පැවැත්වීමට හැකියාවක් නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බ්‍රහස්පතින්දා (මාර්තු 19) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඔහු එහිදී ප්‍රකාශ කළේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා ම එක්ව එම තීරණයට එළඹි බවය.

“නව කොරෝනාවෛරසයේ බලපෑමක් 100%ක් ශ්‍රී ලංකාවට නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ ද” කලින් සැලසුම් කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.

”COVID-19 වෛරස් තත්ත්වය නිසා අපේ මැතිවරණ කැලැන්ඩරයේ පහුගිය දින 5ක්, 6ක් අඩාළ වුණා. දැනට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කිසි ම විදියකට අප්‍රේල් 25 නොපැවෙත්වෙන බවයි.” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

“කල් දමන ලද පාර්ලිමේන්තු මැතිවරණය යළි පවත්වන දිනය මැයි මාසය තුළ ද, ජූනි මාසය තුළ ද ඉන් ඔබ්බට ද යන්න තීරණය කරන්නේ අප විසින් නොව COVID-19 වෛරසය පාලනයට කාර්ය සාධන බලකායේ ඇති හැකියාව මත” යැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

නිවසේ සිට වැඩ කරන සතියක්

මාර්තු 20 සිට 27 දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය බ්‍රහස්පතින්දා (මාර්තු 19) ප්‍රකාශයට පත් කළේය.

එහෙත්, පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සඳහා හෙටත් සෙනසුරාදා දිනයේත් කාර්යාලයට පැමිණීමට මැතිවරණ රාජකාරී කටයුතුවලට අදාළ කාර්ය මණ්ඩලයට සිදුව තිබේ.

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ලැබුණු සංඛ්‍යාව හා ප්‍රතික්ෂේප වූ සංඛ්‍යාව මේ මොහොතේ සඳහන් කළ නොහැකි වුව ද සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

”ඇතැම් දිස්ත්‍රික්කවල නාම යෝජනා පනහ පැනල. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ රුපියල් 2000 ඇප මුදල දීලා මන්ත්‍රී වෙන්න පුළුවන් කියලා. කවුරුත් දන්නේ නෑ 5%ක් ගන්න ඕනා කියලා. කොළඹ, ගම්පහ වගේ 5%න් එන්න පුළුවන්. සමහර දිස්ත්‍රික්ක තියෙනවා මන්ත්‍රී ධූර 4යි. ඒ වගේ කුඩා දිස්ත්‍රික්ක වල 13%ක්වත් ගන්න ඕනා,” යනුවෙන් මහින්ද දේශප්‍රිය සදහන් කළේ මෙය ඇප මුදල් වැඩි නොකිරීමේ විපාකයක් බවය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම බ්‍රහස්පතින්දා (මාර්තු 19) දහවල් 12.00ට අවසන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img