30.6 C
Colombo
Sunday, July 6, 2025

කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක විදේශිකයින් දෙදෙනෙක් IDH රෝහලට…

Published:

කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක විදේශිකයින් දෙදෙනෙක් IDH රෝහලට…

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය පිළිබඳ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යොමු කළ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.

මොවුන් දෙදෙනා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ඊයේ(26) දින සවස 3.45 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මින් පළමුවෙන්ම මෙම වෛරස රෝගී තත්ත්වය පහළ කර ඇත්තේ ඉන්දුනීසියානු ජාතික 47 හැවිරිදි කාන්තාවකි.

ඇය මෙම ගුවන් යානයේ ගුවන් සේවිකාවක් අමතා , තමාට ශීතල ගතියක් දැනෙන බවත් , හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවත් දන්වා තිබේ.

මෙම ගුවන් සේවිකාව වහාම ඒ බව , ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත දැනුම් දීමෙන් පසුව , ඔහු වහාම කටුනායක ගුවන් තොටුපළ පාලක මැදිරිය දැනුවත් කර තිබේ.

ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව , ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මෙම ගුවන් මගී කාන්තාව භාර ගෙන , ඇයගේ සිරුරේ උණ රෝගී තත්ත්වය මැන බැලූ විට , එහි අගය ෆැරන්හයිට්  101° ක් බවට වාර්තා වී ඇත.

ඒ අනුව මෙම ගුවන් මගී කාන්තාව වහාම විශේෂ ගිලන් රියකින් කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් මගී කාන්තාව කටුනායක ගුවන් තොටුපළ සිට මැදපෙරදිග බලා යෑමට පැමිණි අයෙකි.

ඉන්පසුව එම ගුවන් යානයෙන්ම පැමිණි 37 හැවිරිදි පාකිස්තානු ජාතික පිරිමි ගුවන් මගියෙකු ද , ගුවන් තොටුපළ තුළ සවි කර ඇති උණ රෝගී තත්වය වාර්තා කෙරෙන යන්ත්‍රයක් මඟින් අනාවරණය කර දී තිබේ.

ඒ අනුව එම ගුවන් මගියාත් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් , ඔහුගේ උණ රෝගී තත්වය මැන පරීක්ෂා කර  බැලීමේ දී , ඔහුට ෆැරන්හයිට් 102° ට උණ ඇති බවට වාර්තා වී තිබුණි.

මෙම ගුවන් මගියා ද පාකිස්තානය වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණමෙන් සිටි අයෙකි.

මෙම ගුවන් මගියා ද ඊයේ සවස 4.15 ට පමණ විශේෂ ගිලන් රියකින් කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img