30.6 C
Colombo
Thursday, August 21, 2025

කොරෝනා වෛරසයෙන් ලතින් ඇමෙරිකාවට බලපෑම්-බ්‍රසීලයේ පළමු ආසාදිතයා හමුවෙයි…

Published:

කොරෝනා වෛරසයෙන් ලතින් ඇමෙරිකාවට බලපෑම්-බ්‍රසීලයේ පළමු ආසාදිතයා හමුවෙයි…

ලතින් අමෙරිකානු රටකින් ආසාධිතයෙකු හමුවූ පළමු රට බවට බ්‍රසීලය පත්ව තිබේ.

මේ අතර ජපානය තුළ කොරෝනා ආසාදිතයින් ගණන 861 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 4 ක් ලෙස වාර්තා වෙයි.

දකුණු කොරියාවෙන් අසාදිතයන් 1000ක් වාර්තා වන අතර හොංකොං රාජ්‍යෙයන් වාර්තා වන ආසාධිතයන් ගණන 85කි.

අමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ අමරිකාව පුරා කොරෝනා වෛරසය ශ්‍රීඝ්‍රෙයන් පැතිර යනු ඇති බවයි.

මේ අතර කොරෝනා වෛසරයට පෙර සූදානමක් වශයෙන් සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

වෛරසය හේතුවෙන් ඉරානය තුළ සිදුවූ මරණ සංඛ්‍යාවද 15 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 100 කි.

මේ අතර ස්පාඤ්ඤයේ කැනරි දූපත්හි සුප්‍රසිද්ධ සංචාරක හෝටලයකින්  කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග එහි රැඳී සිටි 2000ක් පමණ සංචාරකයින්ද සමග හෝටලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ආසාදිතයා ඉතාලි ජාතික වෛද්‍යවරයෙක් බව වාර්තා වන අතර සෙසු පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img