27.8 C
Colombo
Tuesday, August 26, 2025

කොරෝනා රෝගීන් 82 දක්වා ඉහළට : රෝගීන් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයට…

Published:

කොරෝනා රෝගීන් 82 දක්වා ඉහළට : රෝගීන් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයට…

තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 82දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඒ අද දිනයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සිව්දෙනෙක් තහවුරු වීමත් සමගයි.

කොළඹ ජාතික රෝහලෙන් එක් රෝගියෙක්ද, යාපනය ප්‍රදේශයේ දේවගැතිවරයා සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙක්, නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් කර තිබු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් සහ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සංචාරකයින් සමග කටයුතු කළ සංචාරක මග පෙන්වන්නෙක් ද මෙලෙස නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

මේ අතර කොරෝනා වෛරසයට ගොදුරුව සිටින රෝගීන් දෙදෙනෙක් අංගොඩ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ චීන කාන්තාව සමග මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 82ක් බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

…………………………………………………………………………….

කොරෝනා රෝගීන් ගණන 80ක් දක්වා ඉහළට

මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

මේ වන විට රෝහල් ගතව සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 222ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,416FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img