28.4 C
Colombo
Sunday, July 6, 2025

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළට…

Published:

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළට…

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43ක්  දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරු පුද්ගලයින් 09 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි.

…………………………………………….

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34ක්  දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරු පුද්ගලයින් 06 දෙනෙක් හමුවූ බවයි අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

මෙරටදී කොරෝනා වෛරසයට ගොදුරුවු දෙවන රෝගියා වන සංචාරක මග පෙන්වන්නාගේ බිරිඳට ද වෛරසය වැළදී ඇති බවට මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ.

එමෙන්ම ජර්මනියේ සංචාරයේ නිරතවීමෙන් පසු කොරෝනා වෛරසයට ගොදුරුවූ මෙරටදී හඳුනා ගත් පුද්ගලයාගේ ඥාතියෙක්ටද කොරෝනා වෛරසය වැළදී ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

මිට අමතරව බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක්, කටාර් සිට පැමිණි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් සහ කැලණිය හා මාරවිල ප්‍රදේශයෙන් ද කොරෝනා වෛරස් රෝගීන් හමුවූ බවයි වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

නිරෝධායන මධ්‍යස්ථාන වලදී හමුවන කොරෝනා ආසාධිත රෝගීන් කොළඹ IDH රෝහලට රැගෙන ඒමේදී ඇතිවන අපහසුතාවයන් මග හරවා ගැනීම සඳහා පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහල ඉදිරියේදී ඒ සඳහා යොදා ගැනීම සඳහා මේ වන විට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

ඒ අනුව එම රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය පොළොන්නරුව රෝහලෙන් සහ දිවයිනේ අනෙකුත් රෝහල්වලින් අනියුක්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img