30.6 C
Colombo
Sunday, July 6, 2025

කොරෝනා මරණ 723ක් වෙයි සුවවූවන් 2050 දක්වා වැඩිවෙයි…

Published:

කොරෝනා මරණ 723ක් වෙයි සුවවූවන් 2050 දක්වා වැඩිවෙයි…

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (07දා) දිනය අවසන් වනවිට මියගිය සංඛ්‍යාව 723ක් දක්වා වාර්තා වුවත්, ඉන් සුවය ලැබූ සංඛ්‍යාවද 2,050 දක්වා වර්ධනය වී තිබේ.

එහිදී මියගිය පිරිසෙන් 721ක්ම චීනයෙන් වාර්තා වන අතර, තව දෙදෙනෙකු පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයන්ගෙන් වාර්තා වෙයි.

මේ අතර, වෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 35,000කට ආසන්න වෙමින්, චීනයේ පමණක් 34,546ක් වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම හා ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දෙයි.

මියගිය පිරිස පෙරේදා දිනයේ වාර්තා වූ 638ක අගයේ සිට ඊයේ දිනය තුළ පමණක් මරණ 85ක් වාර්තා වන අතර, ආසාදිතයන් සංඛ්‍යාවද ඊයේ දිනය තුළ 3,400ක් පමණ දක්වා වර්ධනය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img