27.8 C
Colombo
Monday, August 25, 2025

කොරෝනා බවට සැක පුද්ගලයින් 103ක්…

Published:

කොරෝනා බවට සැක පුද්ගලයින් 103ක්…

මේ වන විට කොරෝනා වෛරසයේ සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

විදේශිකයින් තිදෙනෙකු ද ඒ අතර වන බව එම අංශය පෙන්වා දෙයි.

පුද්ගලයින් 35 දෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ රඳවා සිටින අතර16 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේත්, 13 දෙනෙකු ගම්පහ මූලික රෝහලේත් ප්‍රතිකාර ලබනබව සදහන්.

කෙසේවෙතත් මෙම කිසිදු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති අතර තහවුරු වී ඇති රෝගීන් 5 දෙනා මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පැවතුණ ද ඊට ගොදුරු වන සියළු පුද්ගලයින් ආසාදිත තත්ත්වයට හෝ මරණයට පත්වීම සිදු නොවන බව ඔවුන් අවධාරණය කරන්නේය.

ලොව පුරා මේ වන විට වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 45,681දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් 75,532 දෙනෙකුම මේ වන විට සුවය ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,398FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img