27.2 C
Colombo
Saturday, July 19, 2025

කොරියන් යානයක් පිලිපීනයේ දී අනතුරට…

Published:

 

කොරියානු ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ 330 වර්ගයේ යානයක් පිලිපීනයේ චෙබූ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඊයේ රාත්‍රියේ අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම ගුවන් යානය දකුණු කොරියාවේ සෝල් හී ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් රාත්‍රී 7යි 30 පමණ ගුවන් ගත කර තිබෙනවා. එම යානය රාත්‍රී 11යි 8 පමණ වනවිට පිලිපීනයේ චෙබූ ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්වීමට උත්සාහ දරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් නියමුවන්ට යානය එකවර ගොඩ බැස්සවීමට අවස්ථාව හිමි වී නැහැ. ඒ අනුව මෙම ගුවන් යානය ගුවන් පථයට ගොඩ බැස්සවීමට නියමුවන් අවස්ථා දෙකකදී උත්සාහ දරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් තුන්වෙනි අවස්ථාවේ නියමුවන් විසින් චෙබූ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් පථය වෙත යානය ගොඩබස්සවා තිබෙනවා. එහිදී යානය ගුවන් පථයෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 162 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍යයන්හී දැක්වෙන්නේ. කෙසේවෙතත් අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,339FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img