27.2 C
Colombo
Friday, August 22, 2025

කොදෙව් පුහුණුකරු ඉල්ලා අස් වේ…

Published:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු වන Phil Simmons එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම කොදෙව් කණ්ඩායම ඉවත්වීමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇත.

සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීම සඳහා පැවති මූලික වටයේ තරග ද්විත්වයකින් පරාජය වීමට කොදෙව් කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව දෙවතාවක් විස්සයි විස්ස ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ප්‍රේක්ෂකයන් බවට පත්වන්නට සිදුවිය.

Phil Simmons පවසන්නේ එය සිදුනොවිය යුත්තක් බවය.

මේ සම්බන්ධයෙන් සමස්ත රටවැසියන්ගෙන්ම සමාව ඉල්ලා සිටිමින් Phil Simmons කොදෙව් පුහුණුකාරීත්වයෙන් ඉල්ලා අස්වී ඇතිබව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img