29 C
Colombo
Sunday, January 18, 2026

කොත්තුවක මිළ පහළට….

Published:

ආනයනික තිරිඟු පිටි තොග මිල අඩු කිරීම හේතුවෙන් කොත්තුවක මිලද අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට රුපියල් 50කින් කොත්තුවක මිල අඩු කරන බවයි එම සංගමය පැවසුවේ. කෙසේවෙතත් පිටි ආශ්‍රිත සෙසු නිශ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සදහන් කළා. රුපියල් 500 සිට විවිධ මිල ගණන් යටතේ මේවනවිට කොත්තු අලෙවි කෙරෙනවා.

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 85 කින් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමටයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කටයුතු කළේ. ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 375 ක මට්ටමක පැවතියා. නව මිල අඩු කිරීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක තොග මිල වන්නේ රුපියල් 290 ක්.

කෙසේවෙතත් මෙරටට තිරිඟු පිටි ගෙන්වන ප්‍රධාන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් පිටි මිල අඩු කිරීම පිළිබඳ මේ දක්වා නිවේදනය කර නැහැ. එවන් පසුබිමක් තුළ වතුකරයේ ආපනශාලා සහ බේකරි හිමියන් පැවසුවේ අඩු කළ මිල ගණන් යටතේ ආනයනික තිරිගු පිටි මිලදී ගැනීමට නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img