28.4 C
Colombo
Tuesday, August 26, 2025

කොටුව දුම්රිය ස්ථානයට ශරීර උෂ්ණත්වය පරික්ෂා කළ හැකි විශේෂ කැමරා පද්ධතියක්…

Published:

කොටුව දුම්රිය ස්ථානයට ශරීර උෂ්ණත්වය පරික්ෂා කළ හැකි විශේෂ කැමරා පද්ධතියක්…

මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළි‍වෙළට අදාළව පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන විෂබීජහරණය මෙන්ම ඒවා සේවා සඳහා සූදානම් කිරීම මේ දිනවල සිදු කෙරෙයි.

ඒ අනුව අද(09) දිනයේ දී කොටුව දුම්රිය ස්ථානය පවිත්‍ර කිරීම හා විෂබීජහරණය සිදුකෙරුණි.

කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ජනතාවගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා වන විශේෂ කැමරා පද්ධතියක් අද ස්ථාපිත කෙරුණි.

ඒ අනුව කැමරාව මගින් ග්‍රහණය කරගන්නා පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 ක සාමාන්‍ය අගයක පවතියි නම් කොළ පැහැයෙන්ද ඊට වැඩි නම් රතු පැහැයෙන්ද දර්ශනය වෙයි.

ඒ අනුව අදාළ පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත යොමු කළ හැකියි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා පරිශ්‍රයද අද විෂබීජහරණය කෙරුණු අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙත විෂබීජ නාශක දියර ලබාදීමද මෙහිදී සිදුකෙරුණි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සක්‍රීය කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන් වෙත දිස්ත්‍රික් ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙන අතර කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයද අද සිදුකෙරුණි.

අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ආයතන විවෘත කිරීම සම්බන්ධයෙන්ද අද විශේෂ සාකච්ඡා පැවැත්වුණේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර දිවයින පුරා සියලු සුරාසැල් තවදුරටත් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ත්‍රිරෝද රථ ධාවනය පිළිබඳව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය අද කරුණු පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img