27.2 C
Colombo
Monday, July 7, 2025

කෙහෙළියට එරෙහි ඉමියුනොග්ලොබියුලින් නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්

Published:

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කර රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා විනිසුරු මහේෂ් වීරමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

වීරමන් විනිසුරුවරයා සමඟ විනිසුරු මඩුල්ලේ සිටින අනෙකුත් විනිසුරුවරුන් දෙදෙනා වන්නේ සම්පත් අබේරත්න සහ අමාලි රණවීරය.

නීතිපති පාරින්ද රණසිංහගේ ඉල්ලීමක් මත අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් මෙම විනිසුරු මඩුල්ල පත්කර තිබේ.

මෙම වංචාවට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රඹුක්වැල්ලට චෝදනා එල්ල වී තිබේ.

ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් සහ පිළිකා වැළැක්වීමේ ඖෂධයක් වන රිටුක්සිමාබ් ආනයනය කිරීමට කුමන්ත්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදුකිරීම ඇතුළුව විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 14ක් ගොනු කිරීමට නියමිතය.

මෙම නඩුවේ චෝදනා ලැබ සිටින අනෙකුත් අය අතරට එන්නත් ආනයනය කළ බව කියන ව්‍යාපාරිකයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු සහ තවත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img