30.6 C
Colombo
Tuesday, August 26, 2025

කෘෂිකාර්මික කටයුතුවලට භූමිතෙල් නිකුත් කිරීම අද සිට…

Published:

අද (29) දිනයේ සිට කෘෂිකාර්මික ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙළ රජය විසින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව ධීවරයින්ගේ භූමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සඳහා ද භූමිතෙල් ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන්ධන අන්තර් පළාත් දිස්ත්‍රික් හුවමාරු භාණ්ඩයක් බව සළකා කෘෂිකර්ම, අපනයන, වැවිලි භෝග, මල් හා විසිතුරු වගා ඇතුළු සෑම කෘෂි ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා.

කෘෂි වගාවන් සඳහා භූමිතෙල් සැපයීමේ දී රජයට ඩොලර් ලක්ෂ 30 කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර, එළැඹෙන දෙසැම්බර් 01 දා සිට ගෘහස්ථ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුවන බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඊයේ (28) සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img