28.4 C
Colombo
Tuesday, September 9, 2025

කැළණි සහ කළු ගංගාවල ජල මට්ටම තව ඉහළට…

Published:

කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේ ද ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කැළණි ගගේ නාගලගම්වීදිය සහ හංවැල්ල යන ජල මාපාංකවල ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක පවතිනවා. මේ අතර කළු ගඟේ මිල්ලකන්ද ජල මාපාංකයේ ජල මට්ටම මහා ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අද අළුයම 03 යි 30 ට නිකුත් කරන ලද ගංගාවල ජල මට්ටම් පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ.

ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් ද, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළ ගංවතුර මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එස් පී සී  සුගීෂ්වර පැවසුවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,972FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img