24.5 C
Colombo
Wednesday, November 26, 2025

කැනඩාවේ විපක්ෂ නායකවරයා පරාජය පිළිගනී

Published:

කැනේඩියානු මහ මැතිවරණයේ, ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ.

දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල මත පදනම්ව මැතිවරණය කැනඩාවේ නිල විපක්ෂ නායක පියරේ පොයිලිවර් පරාජය පිළිගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ෆෙඩරල් මැතිවරණයෙන් පසු අගමැති මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂය සුළුතර රජයක් පිහිටුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පුරෝකථනය කරන්නේ.

එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ලිබරල් පක්ෂය සහ කන්සවේටිව් පක්ෂය අතර මේ වන විට තියුණු තරගයක් පවතිනවා.

කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 343 කින් සමන්විත වන අතර, බහුතරය සඳහා ආසන 172 ක් අවශ්‍යයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට වන අතර, මේ වනවිට බලයේ සිටින්නේ ලිබරල් පක්ෂයයි.

ලිබරල් පක්ෂයේ නායක මාර්ක් කාර්නී මේ වනවිට අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලබනවා.

කැනඩාවේ ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන කන්සවේටිව් පක්ෂයේ නායකයා සහ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන්නේ පියේ පොලිවියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img