28.4 C
Colombo
Sunday, July 6, 2025

කාශ්මීර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ලොව කොහේ සිටියත් අල්ලාගන්නා බව ඉන්දීය අගමැති කියයි

Published:

කාශ්මීර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ලොව කොහේ සිටියත් අල්ලාගන්නා බව ඉන්දීය අගමැති කියයි

කාශ්මිරයේ සංචාරකයන්ට ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් සොයා පෘතුවියේ කෙලවර දක්වාම ලුහුබඳින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබෙනවා.

ඒ ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයන්  26 දෙනෙකු ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින්.

එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සෑම ත්‍රස්තවාදියෙකුටම සහ ඔවුන්ට සහාය වන ඕනෑම අයෙකුට දඬුවම් ලබාදෙන බවයි.

එම ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ අවමංගල්‍ය කටයුතු අද දිනයේ සිදු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කෙරෙන තුවක්කුකරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු නම් කරමින් ඉන්දීය පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සැකකරුවන් අතර පාකිස්තාන පුරවැසියන් දෙදෙනෙකු ද සිටින බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය රජය අද සර්ව පාක්ෂික රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරයට සම්බන්ධ බවට පවතින චෝදනා පාකිස්තානය විසින් මේවන විට ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම සිද්ධිය පදනම් කර ගනිමින් ඉන්දියාවේ රැඳී සිටින සියලුම පාකිස්ථාන ජාතිකයින් මෙම මස 29 වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img