27.2 C
Colombo
Monday, July 7, 2025

කාලගුණයෙන් රතු නිවේදනයක්

Published:

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද(04) සහ හෙට(05) වැඩි වෙන බවද කාලගුණ අංශ පවසයි.

ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇති වෙන බවද කාලගුණ අංශ පවසයි.

උතුරුමැද, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සහ යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං හා අකුණු ඇති වෙයි.

මේ අතර උතුරුමැද පළාතට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයත් සමග අංගමුව ජලාශය වාන්දැමීම ආරම්භ වී තිබේ.

එමෙන්ම රාජාංගනය ජලාශයේද වාන් දොරටු 2ක් ඊයේ(03) පස්වරුවේ විවෘත කර තිබුණේය.

කෙසේවෙතත් අයහපත් කාළගුණයෙන් වැඩිම බලපෑම එල්ල වූ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුර මට්ටමේ පහලයාමක් අද වනවිට දැකිය හැකි වූ බව සඳහන්

මේ අතර පස්සර, කණවරැල්ල නැගෙනහිර ග්‍රාමසේවා වසමට අයත් ඇටිකෙහෙල්ලන්ද හා කටුවලන්ද යන ගම්මාන ගිලාබැසීමේ හා නායයෑමේ අවදානමකට ලක්ව ඇති බවට ප්‍රෙද්ශවාසීන් පෙන්වා දෙයි.

අධික වර්ෂාවත් සමඟ වැලිමඩ හරහා මුලතිව් දක්වා ගමන් කිරිමට ඇති මුලතිව් – අනුරාධපුර ප්‍රධාන මාර්ගය ඊයේ දහවල් වනවිට හානිවී තිබුණේය.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඇහැටුගස්වැවට ජලය පිරීම හේතුවෙන් මහවැලි ඉංජිනෙරුවන් වැව් බැම්ම කපා දැමීමත් සමඟ ඇතිවූ ජල පහර හේතුවෙන් මාර්ගයට මෙලෙස හානි සිදුවී ඇති බවයි.

මේ අතර මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාන්චෝලේ, රහ්මත්පුරම්, කට්ටකඩුව සහ අක්කර 05 යන ගම්මානවල ජනතාවද අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.

ඒ මාස  1 ½ කට වැඩි කාලයක් පුරා ප්‍රෙද්ශයේ වැසි ජලය බැස නොයාමත් සමඟ නිවාස, මාර්ග මෙන්ම වගා බිම් ද ජලයෙන් යටවී විනාශයට පත්වීම හේතුවෙන්.

පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරන්නේ වැසි ජලය බැස යාමට තිබූ ස්වාභාවික මාර්ග ඇතැම් පුද්ගලයින් විසින් වසා දමා තිබීමත්, පොළොවේ භූගත ජල මට්ටම ඉහළට පැමිණීමත් මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img