31.7 C
Colombo
Monday, July 7, 2025

ක්‍රීඩා ඇමති පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්…

Published:

ක්‍රීඩා ඇමති පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු පාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කලා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතුව පත්කළ එම අතුරු පාලක කමිටුවට සාමාජිකයින් 07 දෙනෙකු ඇතුලත් වුණා.

1972 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32වන වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව එම අන්තර් පාලන මණ්ඩලය පත් කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වුණේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් , විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ සහ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරාද පත් කළ එම අන්තර් පාලන මණ්ඩලයට අයත්.

ඊට අමතරව උපාලි ධර්මදාස, නිතීඥ රකිත නිර්මල රාජපක්ෂ සහ එම් එච් ජමල්ඩීන් එම අන්තර් පාලන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස පත්කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img