25 C
Colombo
Thursday, August 28, 2025

ක්‍රිකට් ආයතනය පරීක්ෂණවල දත්ත මැකීමේ උත්සාහයක …

Published:

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීමට අදාළ මුදල සොයාගැනිමේ දුෂ්කරතාවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති නීතිඥ ආචාර්ය චානක සේනානායක ඊයේ (11) සඳහන් කළේ.

කෙසේ වෙතත් ධනුෂ්කට එල්ල වී ඇති ස්ත්‍රී දූෂණ චෝදනාව නඩු විභාගයකින් තොරව මෙය සමථයකට පත් කර ගැනීමට ද නීතිඥ මණ්ඩලය විසින් උත්සාහ දරණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර, ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීම සඳහා වන ඇප මුදලෙන් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග විසින් ගෙවීමට ද පොරොන්දු වී ඇති බවයි ආචාර්ය චානක සේනානායක මෙහිදී පවසා සිටියේ.

එමෙන්ම ඩොලර් 50,000ක මුදලක් ක්‍රිකට් පාලක මණ්ඩලය තමන්ගෙන් ද ඉල්ලා සිටි බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

ආචාර්ය චානක සේනානායක චෝදනාවක් එල්ල කරමින් සඳහන් කළේ මෙම පරීක්ෂණවල දත්ත මැකීමට සහ ලිපිගොනු අස්ථානගත කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි උත්සාහයක නිරතව සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img