28.4 C
Colombo
Sunday, July 6, 2025

කයිලී ජෙනර්: ලොව ලාබාලතම කෝටිපතිනිය, සකර්බර්ග්ගේ වාර්තා බිඳ හෙළයි

Published:

ෆෝබ්ස් සඟරාවේ කෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව තනිව ගොඩ නැගුණු ලොව ලාබාලතම කෝටිපතිනිය ලෙස ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක වන කයිලී ජෙනර් නම් කර තිබේ.

ජනප්‍රිය රංගන ශිල්පිනී කිම් කාඩේෂියන් පවුලේ ලාබාලතමයා වන ඇය මෙතරම් ධනවත් වූයේ, රූපලාවණ්‍ය ව්‍යාපාරය නිසාය.

කයිලී ජෙනර්

21 හැවිරිදි කයිලී ජෙනර්ට අයත් කයිලී කොස්මෙටික්ස් සමාගම පසුගිය වසරේ ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඇය සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි.

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් කෝටිපතියන්ගේ ලැයිස්තුවට එක් වන විට 23 හැවිරිදි වියේ පසුවූ අතර කයිලී එම තත්ත්වයට පත් වූයේ, 21 වන වියේදීය.

“මම කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නහැ. මම අනාගතය කලින් සැලසුම් කළේ නැහැ. කොහොම වුණත් මේ ලැබුණු තත්ත්වය ගොඩක් හොඳයි. අනික් අතට ඒක මට ලොකු අවස්ථාවක්,” කයිලී ජෙනර් ෆෝබ්ස් සඟරාවට පැවසීය.

ජෙෆ් බෙසෝස් තවදුරටත් පෙරමුණේ

ජෙෆ් බෙසෝස්

ධනවතුන්ගේ ලැයිස්තුවේ තවදුරටත් ලොව ධනවත් ම පුද්ගලයා ලෙස පෙරමුණේ පසු වන්නේ, ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ය.

ෆෝබ්ස් සඟරාව පවසන ආකාරයට ඔහුගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 131කි. එය 2018 වසරට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක වැඩි වීමකි.

වත්කම් පහළ ගිය පුද්ගලයින් අතර ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ද වේ.

මාර්ක් සකර්බර්ග්

ඔහුගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 62.3ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 8.7ක පහළ යාමකි.

ධනවතුන් අතර දෙවන ස්ථානයේ පසු වන බිල් ගේට්ස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 96.5ක් ලෙස සටහන් වේ. එය පසුගිය වසරට වඩා බිලියන 6.5ක වැඩි වීමකි.

බිලියනපතියන්

ලොව පුරා සිටින කෝටිපතියන් අතරින් කාන්තාවන් ඇත්තේ 252 දෙනෙකු පමණි. ඒ අනුව, තනිව ගොඩ නැගුණු ධනවත් ම කාන්තාව වන්නේ, චීනයේ දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටින වූ යවුං නමැති කාන්තාවය. ඇය සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img