22.2 C
Colombo
Monday, January 19, 2026

කඩුළු 7කින් ජයග්‍රහණය කළ ඕස්ටේලියාව…

Published:

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රීලංකාව හා සත්කාරක ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟයෙන් ජය වාර්තා කරන්නට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 157 ක් ලබාගැනීමට සමත්විය.
එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 40ක් ද චරිත් අසලංක වේගවත් 38 ලකුණු රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ඇස්ටන් ඒගර්,ජෝශ් හැස්ල්වුඩ් ,මිචෙල් ස්ටාර්ක්,මැක්ස්වෙල් හා පැට් කමින්ස් අතරේ කඩුලු 01 එක බැගින් බෙදී ගියේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කර ඕස්ට්‍රේලියාව පන්දුවාර 16 පන්දු 3 කදී අදාල ඉලක්කය සපුරා ගන්න ලදී.

වේගවත් ඉනිමක් දියත් කල ස්ටොයිනස් පන්දු 18 කදී නොදැවී 59 ලකුණු රැස් කරන ලදී.

පන්දු යැවීමේදී තීක්ෂණ,ධනංජය,චාමික අතරේ කඩුළු 1 බැගින් බෙදී ගියේය.

තරගයේ වීරයා සම්මානය මාකස් ස්ටොයිනස් විසින් දිනා ගන්නා ලදී.

මෙම පරාජයත් සමඟ එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රීලංකාව 3 වෙනි තැනට පත්විය.

ශ්‍රී ලංකාව සහභාගි වෙන මීළඟ තරඟය 29 වෙනි සෙනසුරාදා නවසීලන්තය සමඟින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img