කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර තිබේ.
එළැඹෙන සඳුදා (19) හිටපු මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මියට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබේ.
අධිකරණ සේවා කොම්ෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට යටත්වයි මෙලෙස එම නිල කාමරයට මුද්‍රා තබා ඇත්තේ.
මේ වන විට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර තිබේ.



