27.8 C
Colombo
Thursday, August 28, 2025

කඩාවැටුණු ගොඩනැගිල්ල අස්ථාවර ඉදිකිරීමක් – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…(VIDEO)

Published:

කඩාවැටුණු ගොඩනැගිල්ල අස්ථාවර ඉදිකිරීමක් – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (VIDEO)

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ දී කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල එම භූමියේ තත්ත්වය සැලකිල්ලට නොගත් අස්ථාවර ඉදිකිරීමක් ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් යාබද යාබදව පිහිටි තවත් ගොඩනැගිල්ලක් මතට කඩාවැටීමෙන් අද අඹු සැමි යුවළකට සහ මාස එකහමාරක් වයසැති ඔවුන්ගේ බිළිඳාට ජීවිත අහිමිවිය.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ අද අලුයම 5 ට පමණ විශාල ශබ්දයක්ද සමග පස්මහල් ගොඩනැගිල්ල මුළුමනින්ම කඩාවැටුණු බවය.

අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිළිඳා එක් කාමරයකත්, සෙසු කාන්තාවන් දෙදෙනා තවත් කාමරයකත් නිදා සිට තිබුණි.

අනතුර සිදුවීමත් සමග එම කාන්තාවන් දෙදෙනා තම කාමරයේ සිරවී සිටියදීම 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසිය දැනුවත් කිරීමත් සමග පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා බේරාගෙන තිබුණි.

සුන්බුන්වලට යටව සිටි සෙසු තිදෙනා බේරාගැනීමේ මෙහෙයුම යුද හමුදා 11 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් යුදහමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ආරම්භ කළේය.

ඒ අනුව පැය කිහිපයක් තුළ සුන්බුන් අතර සිටි මාස එකහමාරක් වයසැති බිළිඳා සොයාගැනුණි.

අනතුරුව බිළිඳාව මහනුවර රෝහල වෙත යැවුණු නමුත් රෝහලට රැගෙන යනවිටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ.

සුන්බුන්වලට යටවූ බිළිඳාගේ මව්පියන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක විය.

ඔවුන් දෙදෙනාගේ සිරුරු තිබෙන ස්ථානය ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබුණද කොන්ක්‍රීට් කණුවලින් එම ස්ථානය වැසී තිබීම නිසා සිරුරු ගොඩගැනීමට දැඩි පරිශ්‍රයක් දැරීමට සිදුවිය.

අද පස්වරු 2.30ට පමණ එම යුවළගේද සිරුරු ගොඩගැනීමට ආරක්ෂක සමත් වූ නමුත් ඒ වනවිටත් ඔවුන්ට දිවි අහිමිවී තිබුණි.

35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ ඔහුගේ බිරිඳ 32 හැවිරිදි අචලා ඒකනායක යන අඹුසැමි යුවළ මෙලෙස ජීවිතක්ෂයට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img