29 C
Colombo
Monday, October 13, 2025

කටුපොල් වගාව තහනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

Published:

කටුපොල් වගාව තහනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

කටුපොල් වගාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා පවසා ඇත්තේ කටුපොල් වගාවෙන් ඉහළ ආදායමක් ලැබුන ද, පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ඵලක් නොවන බවයි. ජල හිගයට ද කටුපොල් වගාව බලපා ඇති බැවින් ඒ පිළිබඳ වහාම විධිමත් පාරිසරික අධ්‍යයනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න අද පැවැත්වුණේ ගාල්ල, උඩුගම, හෝමාදොල ප්‍රදේශයේදීයි. එම රැස්වීමට සහභාගීවීම සඳහා යන අවස්ථාවේ මගදෙපස සිටි ජනතාව හමුවූ අවස්ථාවේ ඔවුන් කටුපොල් වගාවෙන් සිදුවන පරිසර හානිය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. ඒ අනුවයි පළමු ගැටලුව ලෙස කටුපොල් වගාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img