30 C
Colombo
Thursday, August 28, 2025

කටුනායකින් ඇල්ලූ බ්‍රිතාන්‍ය තරුණිය ගෙනා කුෂ් ගැන ඉන්දියාවේ NDTV කළ අනාවරණය

Published:

බැංකොක් සිට මෙරටට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියකගේ ගමන් මල්ලක තිබි පසුගිය මැයි 12 වනදා සොයාගත් කුෂ් මත්ද්‍රව්‍ය වර්ගය, බටහිර අප්‍රිකානු කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින අතිශය මාරාන්තික මත්ද්‍රව්‍ය වර්ගයක් බවට ඉන්දීය NDTV මාධ්‍ය අනාවරණ කර තිබේ.

චාලට් මේ ලී නමැති  21 හැවිරිදි තරුණිය කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට පත්වුණේ රුපියල් මිලියන 460කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 46 ක් සමගිනි.

මෙරට මත්ද්‍රව්‍ය නාශක ඒකකයට අනුව, කටුනායක ගුවන්තොටුපොළෙන් එක්වර අත්අඩංගුවට ගත් විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ද මෙය වේ.

NDTV අනාවරණ කර ඇත්තේ තරුණිය සන්තකයේ තිබී හසුවූ මත්ද්‍රව්‍ය වර්ගය නිෂ්පාදනයට මිනිස් අස්ථි කොටස් යොදාගන්නා බවත්, ඒවා බටහිර අප්‍රිකාවේ වඩාත් ව්‍යාප්තවී ඇති උඝ්‍ර ප්‍රතිඵල ගෙනඑන මත්ද්‍රව්‍යයක් බවත්ය.

සියරා ලියෝන් රාජ්‍ය යේ දහස් සංඛ්‍යාත පිරිසකගේ මරණවලට මෙම කුෂ් මත්ද්‍රව්‍ය හේතුවූ බැවින් රට තළ හදිසි තත්ත්වයක් නම්කිරීමටත් පසුගිය වසරේදී එරට රජයට සිදුව තිබූ බවද NDTV සඳහන් කර තිබේ.

මේ වනවිට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින අදාළ තරුණිය සම්බන්ධව මෑතකදී වැඩි අවධානයක් යොමුවූයේ ඇය ඉතාමත් අඩු පහසුකම් සහිතව මීගමුව බන්ධනාගාරයේ රඳවා තබාගෙන සිටින බවට බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවිය කළ අනාවරණය හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img