30.6 C
Colombo
Tuesday, January 20, 2026

ඖෂධ ඉල්ලා රෝහල ඉදිරිපිට ජනතාව විරෝධතාවයක….

Published:

මුලතිව් දිස්ත්‍රික්කයේ රජයේ රෝහලේ මේ දිනවල පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් දී ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් යථා තත්වයට පත්කරන ලෙස ඉල්ලා විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

උතුරු නැගෙනහිර කාන්තා සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවත්වුණි.

මුලතිව් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැති වීමෙන් දෛනිකව බාහිර රෝගීන් විශාල පිරිසක් පීඩාවන්ට පත්වන අතරම ඔවුන්ට කිලෝමීටර් 200 කට ආසන්න දුරක් ගෙවා කිලනොච්චියට හෝ වව්නියාව රෝහල්වලට යාමට සිදුවීමෙන් විශාල මුදලක් දැරීමටද සිදුවෙතැයි විරෝධතාකරුවන් පෙන්වා දුන්හ.

එහෙයින් වහාම මුලතිව් රෝහලේ පවතින ‍ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගයට විසඳුම් ලබාදීමට අදාල බලධාරීන් පියවර ගත් යුතු බවට ඉල්ලා පෙත්සමක්ද මුලතිව් වැඩබලන දිසාපති කේ.කනකේෂ්වරන් මහතාට භාර දීමටද විරෝධතාකරුවන් විසින් පියවර ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img