27.2 C
Colombo
Friday, August 29, 2025

ඕස්ට්‍රේලියාවේ බලාපොරොත්තු දල්වන ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද…

Published:

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

සුපිරි 12 වටයේ තරගයක් වන මෙම තරගය අද (05) පස්වරු 1.30ට ආරම්භ වන්නේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුව ඇතිව එංගලන්තය අද දිනයේ තරග බිමට පිවිසෙන අතර, අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටිනවා.

ඒ, අනුව අද තරගයේ දී ඕස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීමට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත පැමිණෙනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

මේ අතර අද තරගයේ දී දඟ පන්දු යවන්නන්ට වඩාත් උච්ත තණ තීරුවක් බලාපොරොත්තු විය හැකි බව ක්‍රිකට් විචාරකයින් මත පළකරනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ අද තරගය සඳහා එක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් අවස්ථාව හිමිව ඇති එංගලන්ත කණ්ඩායම අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු ඇති බවට නොඅනුමානයි.

නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (04) දිනයේ සහභාගී වූ තරග ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු බොඳව ගියා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට මේ වනවිට සිදුව ඇත්තේ 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව යෑමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img