25.6 C
Colombo
Sunday, July 6, 2025

ඕස්ට්‍රේලියාවට එරෙහිව චන්දිමාල් ගෙන් අගනා ශතකයක්…

Published:

ඕස්ට්‍රේලියාවට එරෙහිව චන්දිමාල් ගෙන් අගනා ශතකයක්…

 

දිනේෂ් චන්දිමාල් අද සිය 13 වන ටෙස්ට් ශකතය වාර්තා කළා. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම 03 වන දිනය නිමාවන විට කඩුළු 06 ක් දැවී රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 431 ක්. නොදැවී පන්දුවට පහරදෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 118 ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 07 ක් රැස්කර ගෙන සිටිනවා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 86 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 85 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 61 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් රැස් කළා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 364 ක්. ඒ අනුව මේවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 67 ක් ඉදිරියෙන් සිටිනවා. තරගයේ සිව්වන දිනය හෙටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,203FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img