27.2 C
Colombo
Tuesday, August 26, 2025

එන වසරේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් විෂය මාලාවට…

Published:

තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමිනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවත් සුළු සුළු සංශෝධන සහිත ව තව මත් අප පවත්වාගෙන යන්නේ යල් පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ම බවත් ය.

එසේ ම මේ ක්‍රමය වෙනස් කරමින් අප නැගී සිටිය යුතු අතර අද බොහෝ තරුණ පිරිස් ඉල්ලා සිටින්නේ ඒ වෙනස බව ද ඒ විප්ලවීය සමාජ වෙනස අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය හරහා සිදු කිරීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img