27.8 C
Colombo
Wednesday, August 27, 2025

එක එක චක්‍රලේඛ ගෙනල්ලා ගුරුවරියන්ට සාරි අන්දන්න ආවොත් අපි අධිකරණය යනවා…

Published:

ක්‍රම විරෝධී ව අත්තනෝමතික යම්කිසි වෙනස් කිරීම් කරනවා නම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරනවා.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යට අනුකූලව පාසල් ගුරුවරුන්ට ද සැහැල්ලු ඇඳුමකින් සැරසී ඒමට අවස්ථාව අහුරාලීම ට කටයුතු කරන්නේ නම් එවැනි තීරණයකට යාමට සිදුවන බව ඔහු කියා සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා එලෙස ප්‍රකාශ කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛණ අනුව පහසු ඇඳුමක් ඇඳගෙන ඒමට හැකියාව තිබෙනවා.

ගුරුවරුන්ට සාරියක් අඳින්න මෙතෙක් අනිවාර්ය කරලා නැහැ.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන තෙක් චක්‍රලේඛන වෙනස් කරලා නෑ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛ වෙනස් කරලා කටයුතු කරනවානම් එය ගුරුවරුන්ටද අදාලයි. එසේ වෙනස් වන චක්‍රලේඛන ගුරු අයිතිවාසිකම් වලට බාධාවක්
වනවා නම් අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග වලට යෑමට සිදු වනවා. එමෙන්ම බලහත්කාරයෙන් ගුරුවරුන්ට සාරි අඳින්න අනිවාර්ය කරොත් නිල ඇඳුම් දීමනාවක් ලබාදීමටද රජය කටයුතු කළ යුතුයි.

මේ දිනවල සැහැල්ලු ඇඳුම් ඇඳපු ගුරුවරුන්ට කිසිදු නීතිමය කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ කිසිම අයකුට
හැකියාවක් නැහැ. වැඩබලන රාජ්‍ය ඇමති පම්පෝරි ගැහුවට ඔහුට කරන්න පුළුවන් දෙයක් නෑ. එමෙන්ම විමල් වීරවංශගේ ඇම්බැට්ටයන් අල්ල ගන්න දෙයක් නැතුව ගුරුවරුන්ගේ සාරිය අල්ලගෙන කෑගහනවා

සාරිය පස්සේ යන්නේ නැතුව ළමුන්ට නොලැබෙන දේවල් පිළිබඳව රජය මීට වැඩිය සොයා බැලිය යුතු යැයි තවදුරටත් ඔහු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,434FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img