30 C
Colombo
Wednesday, September 3, 2025

උද්ගතවී ඇති අර්බුදය නිසා සෞඛ්‍ය සේවා වලටත් දැඩි බලපෑම් : රෝහල් කිහිපයක සේවා සීමාවන ලකුණු…

Published:

උද්ගතවී ඇති අර්බුදය නිසා සෞඛ්‍ය සේවා වලටත් දැඩි බලපෑම් : රෝහල් කිහිපයක සේවා සීමාවන ලකුණු…

පවතින අර්බුධකාරී තත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ හෘද සැත්කම් ලබන සඳුදා සිට තවදුරටත් අඩු කිරීමට වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා. එම රෝහලේ හෘද රෝග ඒකකයේ සේවය කරන  වෛද්‍යවරුන් රෝහල් පාලනාධිකාරියට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පැය ගණනක් පුරා ඉන්ධන පෝලිම්වල රැදී සිටීමට සිදු වීම හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

ඖෂධ හිඟය හේතුවෙන් දැනටමත් කොළඹ ජාතික රෝහලේ සිදු කරන සැත්කම් ප්‍රමාණය අඩු කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකක දෙකක් පමණක් ක්‍රියාත්මක කරනු ඇති බවයි වාර්තා වන්නේ.

තමන් ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවක නිරත කාර්ය මණ්ඩලවලට ඉන්ධන පිරවුම් හල් වලදී ප්‍රමුඛත්වයක් නොලැබෙන බවත් අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කර ඇති පිරවුම්හල්වල පවා පැය 06ක් 10ත් අතර කාලයක් රැදී සිටීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිදුව ඇති බවත්  මෙම වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයට ද ඉන්ධන අර්බුදය හමුවේ පවතින තත්ත්වය සේවයට වාර්තා කිරීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බව දැනුම් දෙමින් ලිපියක් ද යොමු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,496FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img