23.4 C
Colombo
Thursday, November 27, 2025

උතුවන්කන්දේ සිදු වූ බස් රථ අනතුරෙන් කාන්තාවක් මරුට…

Published:

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී අද (25) දහවල් සිදුවූ අනතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම අනතුරෙන් 38 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය අද (25) පස්වරුවේ තහවුරු කළේ.

එලෙස තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතර සිටි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතක් තහවුරු වී නොමැති අතර, අනතුර සම්බන්ධයෙන් බස්රථ දෙකේම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවනැල්ල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබූ තවත් බස්රථයකට ඉස්සර කිරීමට යාමේදී කෑගල්ල සිට නුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් ඇතුළත් කරනු ලැබුවේ මාවනැල්ල රෝහලටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,477FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img