30.6 C
Colombo
Wednesday, January 14, 2026

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Published:

උතුර හා නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සැලසුම් කර තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සදහන් කළේ, පසුගියදා මුලතිව් ශිවනගර්හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් අයෙකු මරණයට පත්වීම සහ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ උතුරේ දේශපාලන කණ්ඩායම්වල බොරු ප්‍රචාර වලට නොරැවටී සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,998FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img