30.6 C
Colombo
Sunday, July 6, 2025

උණ-කැස්ස-සෙම්ප‍්‍රතිෂ්‍යාව ඇතුළු තවත් රෝග ලක්ෂණ ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි…

Published:

උණ-කැස්ස-සෙම්ප‍්‍රතිෂ්‍යාව ඇතුළු තවත් රෝග ලක්ෂණ ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි…

චීනයේ පැතිර යමින් පවතින නව කොරෝනා වෛරස පිළිබඳ මෙරට ජනතාවද වැඩි අවධානයකින් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ඒ දකුණු ආසියානු රටවල් කිහිපයකටද එම වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන්.

උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂාවක් සිදු කරන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

සීඝ‍්‍රයෙන් පැතිර යාමට වැඩි ඉඩ කඩක් ඇති නව කොරෝනා වෛරසය ආසාධනය වුවහොත් නිව්මෝනියාව සහ වකුගඩු අකි‍්‍රයතාව ඇතුලූ දරුණු තත්වයන්ද ඇති විය හැකියි. නව කොරෝනා වෛරස් අවදානම වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

අත් සේදීමේදී සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කිරීම, කැස්ස සහ කිවිසුම් යාමේදී ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කිරීම මෙන්ම භාවිත කළ ටිෂූ නිසි ලෙස කසල බදුන් වෙත බැහැර කිරීම මෙම අවදානම වළක්වා ගැනීමට ගත හැකි තවත් පියවරක්.

එමෙන්ම කැස්ස සහ කිවිසුම් යාමේදී ලේන්සුවක් හෝ ටිෂූ නොමැති නම් වැලමිට ඇතුළ පැත්ත භාවිත කිරීම සිදු කළ යුතු බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

කිවිසුම් යාමේදී අත්ල භාවිත නොකරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. නව කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීමට නම් උණ සහ සෙම්ප‍්‍රතිෂ්‍යාව වැළදුනු පුද්ගලයින් සමග සමීපව ඇසුරු කිරීමෙන් වළකින ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම ආහාර සඳහා පිලියෙල කර ගන්නා මාංශ සහ බිත්තර හොදින් පිස ගැනීමෙන් පසු ආහාරය ගන්නා ලෙසද මෙහිදි විශේෂයෙන් ඉල්ලීමක් කෙරුණා.

සත්ව ගොවිපොළවල රැකියා කටයුතු කිරීමේදී ආරක්ෂිත කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ එම රැකියාවල නිරත පාර්ශ්ව වෙත දැනුම් දෙන්නේ. විශේෂයෙන්ම එවැනි කටයුතුවලදී මුඛ ආවරණ පැළදීම සහ අත් ආවරණ පැළදීම නව කොරෝනා වෛරසයේ අවදානමෙන් මිදීමට ගත හැකි තවත් ක‍්‍රියාමාර්ගයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img