23.9 C
Colombo
Tuesday, January 13, 2026

ඉරානය අද ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published:

ඉරානය අද (28) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ එරට විශාලතම වරායේ පිපිරීමත් සමගයි.

ඉරානයේ හෝර්මොස්ගන් පළාතට පමණක් අමතර දින දෙකක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එරට විශාලතම වාණිජ වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබු බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඉරානයේ ෂාහිඩ් රාජායී වරායේ මෙම පිපිරීම සිදුවුනේ සෙනසුරාදා උදෑසනයි.

මේ වනවිටත් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා බොහෝ දෙනෙක් රෝහල් වෙත පැමිණ තිබෙනවා.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශය එරට ජනතාවට තවදුරටත් දැනුම් දෙන තුරු ගෘහස්ථව රැඳී සිටින ලෙස නියෝග කර තිබෙනවා.

එමෙන්ම ආරක්ෂිත ඇඳුම් අඳින ලෙසත් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img