30 C
Colombo
Tuesday, January 13, 2026

ඉම්රාන් ඛාන්ට මාධ්‍ය තහනම්…

Published:

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර තිබේ.

ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමිනි.

යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් තීරණය කර ඇත.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ පසුගිය සිකුරාදා පැවැති රැලියක් අතරතුරය.

වෙඩි තැබීම වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් ගේ අනුදැනුම මත සිදුවූ බවට ඉම්රාන් ඛාන් ඊයේ (05) රෝහලේ සිට චෝදනා කළේය.

කෙසෙවෙතත් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් අවධාරණය කළේ, ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීමේ සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයෙන් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,990FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img