27.2 C
Colombo
Saturday, July 19, 2025

ඉම්රාන් ඛාන්ට මන්ත්‍රී ධුරයත් අහිමි වෙයි…

Published:

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ මන්ත්‍රී ධුරය අහිමිකිරීමට එරට මැතිවරණ කොමිසම ඒකමතික තීරණයක් ලබාදී තිබේ.

තම තීරණය නිවේදනය කරමින් එම කොමිසම පවසා ඇත්තේ වසර 05ක් ඔහුට මන්ත්‍රී ධුරයක් සඳහා තරග කිරීම හෝ තහනම් බවය.

ඉම්රාන් ඛාන් ට එල්ලකර ඇත්තේ දූෂණ චෝදනාවකි.

ඔහු නායකත්වය දරන පීටීඅයි පක්ෂය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන බව එම පක්ෂයේ බලධාරීන් පැවසීය.

පාකිස්තාන මුස්ලිම් ලීගයේ (නාවාස් පාර්ශ්වය) සාමාජිකයෙක් ඉම්රාන් ට එරෙහිව චෝදනාව පසුගිය අගෝස්තු මාසයේදී ගොනුකළේ විදේශීය සම්භාවනීය අමුත්තන් ලබාදුන් ත්‍යාග මිලදීගෙන ඇති බව පවසමිනි.

ඔහු එම දේපළ පිළිබඳව මැතිවරණ කොමිසමට තොරතුරු ලබාදී නොමැති බවට චෝදනා එල්ලවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,339FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img