30 C
Colombo
Wednesday, September 3, 2025

ඉන්ධන හිඟට දුම්රිය රියැදුරන්ටත් බලපායි : දුම්රිය ගමන්වාර රැසක් අවලංගුයි…

Published:

ඉන්ධන හිඟට දුම්රිය රියැදුරන්ටත් බලපායි : දුම්රිය ගමන්වාර රැසක් අවලංගුයි…

ඉන්ධන අර්බුදයත් සමඟ ප්‍රවාහන සේවා සීමා වී ඇති පසුබිමක ඉකුත් සමයේ ජනතාව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත්තේ දුම්රියෙන්. එහෙත් ඊයේ මෙන්ම අදත් දුම්රියේ ගමන් වාර රැසක්ම අවලංගු වී හෝ ප්‍රමාද වී තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ දුම්රිය ධාවනයට රියදුරන්ට පැමිණීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මේ අතර අදත් ෂධක්‍ පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්වන ලැබෙනවා. ඇතැම් පිරවුම්හල්වල ටෝකන් ක්‍රමයට ඉන්ධන බෙදා දීම සිදු වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර හොරොව්පොතාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ, හොරොව්පොතාන පොලිස් වසමට අයත් කිබුල්පැටියා නිවසක සගවා තිබියදී ඩිසල්  ලීටර් 150ක් පුරවා තිබු බූලි කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම ගිරාඳුරුකෝට්ටේ නිවෙසක සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සමග එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. ඩීසල් ලීටර් 1,900 ක් හා පෙට්‍රල් ලීටර් 19 ක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,496FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img