22.2 C
Colombo
Tuesday, January 20, 2026

ඉන්ධන මිළ යළිත් ඉහළට…

Published:

අද (11) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 430ක් ලෙසය.

ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙස මිල සංශෝධනය වෙයි.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් වෙනස් නොවන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තීරණය අනුව යමින් ලංකා IOC සමාගම ද ලංකා ඔටෝ ඩීසල් මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒ ලීටරයක මිල රුපියල් 15කිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img