27.8 C
Colombo
Monday, January 19, 2026

ඉන්ධන මිල ගැන බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

Published:

පිරවුම්හල් හිමියන් විසින් ඉන්ධනහල් සඳහා ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන මිල පහළ දමනු ඇතැයි අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ලබන සතියේ දී ඉන්ධන මිල පහළ දැමීමක් ගැන කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ මේ වනවිට සියලු පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන බවයි.

ඉන්ධන මිල අඩුවන බවට ප්‍රචාරය වීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම්කිරීම එලෙස සීමා කර තිබුණා.

ඒ,හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img