31.7 C
Colombo
Sunday, July 6, 2025

ඉන්ධන බවුසරය පෙරළීමෙන් ජල මූලාශ්‍රවලට බලපෑම්

Published:

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කළ පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරළීමෙන් පෙරේදා (14) සිදු වූ අනතුරෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13,000ක් පමණ අඩු වී ඇති බව වාර්තා වේ.

 

එම බවුසරයේ පෙට්‍රල් ලීටර් 13,800ක් සහ ඩීසල් ලීටර් 13,200ක් ලෙස ප්‍රවාහනය කරමින් තිබියදී නුවරඑලිය, කිරිමැටිය මාර්ගයේ ක්ලාන්ට්‍රන් වත්ත ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී අනතුරකට ලක්විය.

 

අනතුරට පත් බවුසරයේ තිබූ ඉතිරි ඉන්ධන, කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරින් වෙනත් බවුසර් රථ යොදාගෙන ඉන්ධන ඉවත් කරගෙන ඇත.

 

බවුසරය අනතුරට පත්වන අවස්ථාවේ පැවති දැඩි අයහපත් කාලගුණ තත්වයක් සමග ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉහළ කොත්මලේ ජලාශයට කාන්දු වී ඇත.

 

බවුසරය අනතුරට පත් වූ ස්ථානයට පහළින් වූ තේ වතු ගණනාවක වතු කම්කරුවන් පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවලටද ඉන්ධන එක් වී තිබේ.

 

මේ පිළිබඳව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ නියමයෙන් විමර්ශනයක්ද ආරම්භකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img