24.5 C
Colombo
Sunday, January 18, 2026

ඉන්ධන නිකුත්කිරීමේ නව සීමාවන් මෙන්න…

Published:

ඉන්ධන නිකුත්කිරීමේ නව සීමාවන් මෙන්න…

අද (24) අලුයම 3 සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකළ මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවේ වෙනසක් සිදුකර තිබේ.

දැන් පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය.

ඒ අනුව යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීමේ නව සීමාව රුපියල් 2,500ක් දක්වා ඉහළ දමා ඇත.

මේ අතර ත්‍රිරෝද රථ සඳහා පැවති ඉන්ධන නිකුත් කිරීමේ සීමාව රුපියල් 3,000ක් ලෙස තවදුරටත් සීමා කර ඇත.

එසේම මෝටර් රථ, වෑන් රථ සහ ජිප් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමාව රුපියල් 10,000ක් දක්වා ද ඉහළ දමා ඇත.

මේ අතර, භූමිතෙල් මිල සංශෝධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මේ වනවිට පවතින මිල ගණන් යටතේ විශාලම පාඩුවක් ඇත්තේ භූමිතෙල්වලින් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img