27.2 C
Colombo
Friday, September 5, 2025

ඉන්ධන කෝටාව යාවත්කාලින කරයි…

Published:

ඉන්ධන කෝටාව යාවත්කාලින කරයි…

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය යටතේ එක් එක් වාහන සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කෙරුණා. ඒ අනුව මෙම සතිය තුළදීද පසුගිය සතියේ ලබාදුන් ඉන්ධන කෝටාවම එක් එක් වාහන ඛාණ්ඩයන් සදහා අද දිනයේ ඉන්ධන ලබාදීම සිදුවනවා.

මේ අතර රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට එක් ජංගම දුරකථන අංකයකින් හෝ ජංගම දුරකථන අංක කිහිපයකින් රථවාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් QR කේතයට අනුව පමණක් ඉන්ධන ලබාදීම දිවයින පුරා ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළේ ඉකුත් අගෝස්තු පළමු වනදා සිටයි.

QR ක්‍රමවේදයට පරිභාහිරව කිසියම් පිරවුම්හලකින් ඉන්ධන ලීටරයක් හෝ නිකුත් කළ හොත් ඒ බව පිරවුම්හල් හිමිකරුට මෙන්ම ඛණිජතෙල් සංස්ථාවට ද නිරීක්ෂණය කළ හැකියි.

ඉකුත් සති අන්තය වනවිට QR ක්‍රමය සමග ලියාපදිංචි වී සිටි පාරිභෝගිකයින් සංඛ්‍යාව පනස් අට ලක්‍ෂයකට අධිකයි. ඉන්ධන පිරවුම්හල් 1,282කදී මේ වනවිට QR ක්‍රමවේදය ක්‍රියාත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,511FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img